‘අංගොඩ ලොක්කා’ ගේ තොරතුරු ඉන්දීය ආරක්‍ෂක අංශ ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ චෙන්නාහිදී අත්අඩංගුවට ගත් බවය වාර්තාවන පාතාල කල්ලි නායක ‘අංගොඩ ලොක්කා’ නැමැති සැකකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ ශ‍්‍රී ලංකාවෙන් සහය ඉල්ලා ඇතැයි වාර්තාවේ.

කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං නැමති පාතාල කල්ලි නායකයා ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට චෝදනා එල්ල වී තිබේ. ඔහු අදාළ වෙඩි තැබීම සිදු කළ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී බෝට්ටුවක් ආධාරයෙන් කල්පිටිය ප‍්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරුව ඔහු ඉන්දියාවේ චෙන්නායි ප‍්‍රදේශයේ සැඟව සිට ව්‍යාජ ගමන් බලපත‍්‍රයක්ද සකස් කර ගෙන තිබේ.

ඒ ආධාරයෙන් සැකකරු චෙන්නායිහි සිට තවත් ප‍්‍රදේශයකට ගුවනින් ගමන් කිරිමට උත්සාහ කළ අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *