UPDATE : පස් කණ්ඩියට යටවී දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මාවනැල්ලේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක් ආසන්නයේ පැති බැම්මක් සකස් කරමින් සිටි සෙව්කයින් තිදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මිය ගිය ගණන ඉහළ ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

සේවකයින් තිදෙනෙකු මතට පස්කණ්ඩිය කඩා වැටී තිබුණි. එම අනතුරින් රෝහල් ගත කර සිටි එක් තුවාල කරුවකු මිය ගොස් ඇති අතර පස් කන්ද යට සිරවී සිටි පුද්ගලයාගේ මෘතශරීරය ද සොයා ගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ලේ ප්‍රදේශයේ පදිංචි 44 හා 46වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

 

 

මාවනැල්ල පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු පස්වලට යට වී ඇති බව වාර්තා වේ.

මාවනැල්ල නගරයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක් ආසන්නයේ පැති බැම්මක් සකස් කරමින් සිටි සේවකයින් තිදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මාවනැල්ල පොලිසිය පැවසීය.

එම අනතුරින් සේවකයින් දෙදෙනෙකු බේරාගෙන මාවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එයින් එක් අයෙක් මිය ගොස් ඇත.

තවත් අයෙක් පස් කන්ඩියට යටවී ඇති බවට අනාවරණය වී ඇති බැවින් එම පුද්ගලයා බේරා ගැනීම සදහා පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේවන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *