එංගලන්ත චැම්පියන්ස් කුසලාන තරඟවල ආරක්ෂාව තර කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව දැඩි කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇත.

ඒ, එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවැති සංගීත ප්‍රසංගයකට ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමඟය.

තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *