පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ ඉතා පැහැදිලි ලෙස සිදුවනවා – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල දී පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතා පැහැදිළි ලෙස සිදු කරමින් සිටින බවත් සම්පූර්ණ ජාවාරම් ජාලය අනාවරණය කරගැනීමේ මෙහෙයුම් සිදු කරන බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(2) යටතේ විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එක් පරීක්ෂණයක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් ද අනෙක් පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ද සිදු කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට රජය සියලු පියවර ගෙන ඇතැයි ද කී අමාත්‍යවරයා,පිළියන්දල සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් තමා විසින් ඉල්ලා තිබෙන බවද පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව කී අමාත්‍යවරයා, අහිංසක දරුවන් තිදෙනෙකු තුවාල ලබා එක් දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ද තමන් කණගාටු වන බවද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *