ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල සාකච්ඡාව අවසන්වීමෙන් පසු දෙරට අතර වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතය.

මේ ගිවිසුම් සඳහා ජනාධිපතිතුමා හා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ඉදිරියේ දෙරටේම නියෝජිතවරු අත්සන් කරනු ඇත.

මේ සංචාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා, හිටපු නියෝජ්‍ය ඇමැති හා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ද සහභාගී වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =