ජේම්ස් බොන්ඩ් ට පණදුන් රොජර් මුවර් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් සුප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් සිය දිවියෙන් සමුගෙන ඇත.

මිය යනවිට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.

මුවර්, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ලිව් ඇන්ඩ් ලෙට් ඩයි, ද ස්පයි හූ ලවුඩ් මී ඇතුළු චිත්‍රපට හතක ප්‍රධාන චරිතය වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දී තිබේ.

පවුලේ ඥාතීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ “පිළිකාව සමඟ කෙටි සහ නිර්භීත සටනකින්” පසු ඔහු දිවියෙන් සමුගත් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *