ඉන්දුනීසියාවේ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් 03ක් මරුට – 10කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 03දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් නිළධාරීන් තිදෙනෙකි.

බස් නැවතුම්පොලක් ඉලක්ක කරගෙන ද්විත්ව බෝම්බ ප්‍රහාරයට එල්ල වී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. ප්‍රහාරය සිදු කලේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළි වී නැත.

බස්නැවතුම්පළේ සිටි පළතුරු වෙළෙන්දෙකු මේ සිද්ධිය කියා සිටියේ, “මුලදී මම එය ටයරයක් පිපිරුවා කියා සිතුවා. පසුව මම දැක්කේ බොහෝ දෙනා රැස් වී ඔවුන්ගේ ජංගම දුරකථන සමග ඡායාරූප ගන්නවා.” යනුවෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =