ගංගාවල ජල මට්ටම් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ගංගාවල ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක මගින් ජනතාවට නිරන්තරයෙන් දැනුවත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා කියා සිටියේ මේ අනුව හදිසි ප්‍රතිචාර ඒකක සීරුවෙන් තබා ඇති බවය.

අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජලවිද්‍යා) ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

ගිං ගඟේ පහළ කොටස, කළු ගඟේ රත්නපුරයෙන් ඉහළ කොටස හා කැලණි ගඟ අවට ජල මට්ටම ඉහළ යමින් පවති. මේ නිසා සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

නිල්වලා ගගේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටව පවති. මේ තත්වය දැඩි ලෙස බලපා ඇත්තේ කිරමආර අවට හා පානදුගම යන ප්‍රදේශවලටය.

කැලණි ගඟේ අවිස්සාවේල්ල හා හංවැල්ල ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පහත් බිම්වල ජනතාවට විමසිලිමත් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =