(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ගාල්ල සහ කළුතර දිස්ත්රික්කවලට ද නායයාම් අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.
කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවලට ද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්රික්කයේ බද්දේගම, යක්කලමුල්ල සහ නාගොඩ ප්රාදේශීය ලේකම් බලප්රදේශවල නායයාම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් මතුව තිබේ. කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වළල්ලාවිට හා බදුරලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ද නායයාම් අවදානමක් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.
මේ අතර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා පිටාර ගලමින් තිබේ. එසේම කැළණි ගඟේ ජල මට්ටම ද තවදුරටත් ඉහළ යමින් පවති.