නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමට එයි

(කොළඹ, ලංකාපුවත්) – නේටෝ හමුදාවේ සාමාජික රටවල් සමඟ සාකච්ඡා සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට පැමිණ ඇත.

ජනාධිපති ට්‍රම්ප් සමඟ සංචාරයට එක්ව සිටින ඔහුගේ කණ්ඩායම පවසන්නේ මෙම සාකච්ඡා “දැඩි” වනු ඇති බවය.

එමෙන්ම අමෙරිකා ජනාධිපතිවරයා අද (25) යුරෝපා හවුලේ බලධාරීන්ද හමුවීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මීට පෙර නේටෝ සංවිධානය මෙන්ම යුරෝපා හවුලද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වී තිබුණි. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා නේටෝ සංවිධානයේ සම්පත් කැප කළයුතු බව ඔහු පවසයි.ඒ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය නොඅඩුව ලබා ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් සාමාජික රටවලට දැඩි බලපෑමක් ඇති කරනු ලබන බවට විශ්වාස කෙරේ.

බ්‍රසල්ස් නුවරට පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ බෙල්ජියමේ රජු සහ බිසව හමුවිය.
මේ අතරතුර ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව බ්‍රසල්ස් නුවර මධ්‍යයේ විරෝධතා දියත්වෙමින් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *