ප්‍රමාද වූ ධීවර බෝට්ටු යළි ගොඩබිමට

(කොළඹ, ලංකාපුවත්) – ගොඩබිමට පැමිණීම ප්‍රමාද වූ මුහුදු ගිය ධීවරයින් රැගත් ධීවර බෝට්ටු 19 නැවත පැමිණ ඇති බව පොලිසිය පැවසීය.

ඊයේ(24) උදෑසන මුහුදු ගිය මෙම ධීවර බෝට්ටු නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබූණි.

එරාවූර්, පුන්නකුඩා සහ සව්කඩේ ප්‍රදේශයට බලපෑ අධික සුළං තත්වය මීට හේතු වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම ධීවර බෝට්ටු ඊයේ පස්වරු 6.00ට පමණ යළි ගොඩබිමට පැමිණ ඇත. ධීවරයින් 67 දෙනෙකු එම ධීවර බොට්ටු වල ගමන් කරමින් සිට තිබේ.

අධික සුළං තත්ත්වය හේතුවෙන් ධීවර බෝට්ටු දියඹට ගසාගෙන ගොස් ඇති බව ධීවරයින් ප්‍රකාශ කළ බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − seventeen =