ජනපති, ඕස්ට්‍රේලියානු අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ තුන් දින නිල රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුතිමා අද (25) එරට අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා හමුවී තිබේ.

කැන්බරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද උදෑසන ද්විපාර්ශවික සාකච්ඡා පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

නායකයින් දෙදෙනා මෙහිදී දෙරටට බලපාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. මෙම සාකච්ඡාව අවසානයේදී ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

ජනාධිපතිවරයා සමඟ එහි ගොස් සිටින ජොන් අමරතුංග, ආචාර්ය හර්ෂ ද සිල්වා, බුද්ධික පතිරණ, අජිත් පී පෙරේරා යන මැති ඇමැතිවරුද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

එසේම ජනාධිපතිතුමා අද සිඩ්නි නගරයේ සංචාරයක නිරත වීමට ද නියමිතය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් ඊයේ (24) පස්වරුවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *