මැන්චෙස්ටර් ප්‍රහාරයට සැක 07ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රහාරක ජාලයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බ්‍රිතාන්‍ය පොලීසිය සදහන් කර ඇත.

පසුගිය සඳුදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එරට නගර රැසක ආරක්ෂාව මේවන විට තර කර තිබේ. එසේම මේ වන විට ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

සල්මන් අ‍බේඩි නම් ප්‍රහාරකයා පුපුරවා හැරි බෝම්බය වෙනත් පුද්ගලයකු විසින් නිපදවන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් ඇම්බර් රුඩ් කියා සිටියේ අදාළ පිපිරීම ප්‍රහාරකයා තනිව සිදුකළ ක්‍රියාවක් නොවන බවය. එම විශ්වාසයන් යටතේ ප්‍රහාරකයන් විසින් පවත්වාගෙන යන බවට සැකකෙරෙන බෝම්බ කර්මාන්තශාලාවක් සොයා ගැනීම ඉලක්ක කරගනිමින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *