ආපදාවලින් 26ක් ජීවිතක්‍ෂයට – ආපදා සහන සැලසීමට ධීවර අමාත්‍යංශයෙන් යාත්‍රා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

මේ අතර අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා දකුණු සහ බස්නාහිර පළාතට නාවික හමුදාවේ භටයින් 143 දෙනකු යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක චමින්ද වළාකුළුගේ මහතා පැවසීය. ඔවුන් සමඟ ඩිංගි බෝට්ටු 22 ක් ද යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර හදිසි ආපදා තත්ත්වය නිසා ගංවතුරට කොටු වී සිටින ජනතාව මුදා ගැනීමට සඳහා අවශ්‍ය යාත්‍රා සැපයීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් කමිටුවක් පත් කොට ඇත.

ඒ අනුව ගංවතුරට කොටු වී සිටින ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු හා වෙනත් යාත්‍රා ලබාදීමට පත් කමිටුව පහත පරිදි වේ.

අධ්‍යක්ෂ එච්.එම්. පාලිත මහතා – 0716 453 402
අධ්‍යක්ෂ එම්.මාර්කස් මහතා – 0774 652 278
ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් කපිල ජනක බණ්ඩාර – 0773 410 575

මේ අතර දකුණු පළාතේ අවතැන් ව සිටින ජනතාව සඳහා අවශ්‍ය පිසූ ආහාර හා ජලය ලබාදීමට ද වැඩපිළිවෙළක් ධීවර අමාත්‍යංශය විසින් සකස් කර තිබේ.

අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති හදිසි ආපදා කළමනාකරණ රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *