නිවාස 05ක් මකට පස් කන්දක් වැටෙයි – අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – බදුරලිය, මාවතවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් අතුරුදන්වූ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

නාය යාමෙන් නිවාස 05ක් පස්වලට යටවී ඇති අතර එම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව සිටින බව ද වාර්තා වේ.

මේ වනවිට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ මාතර දෙණියාය – මොරවක කන්ද සහ කළුතර , බුලත්සිංහල , බෝගහවත්ත , දෙල්පාවත්ත යන ප්‍රදේශවල නායයාම් වාර්තා වී තිබේ.

එසේම රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් නායයාම්, ගංවතුර සහ පස් කඳු කඩා වැටීම් මෙන්ම විවිධ අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =