පරිපාලන සේවා විභාගය කල් දමයි

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ අනුව ඇතිව තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විභාගය දින නියමයක් නොමැතිව කල් දමන බවත්, ඉදිරි දිනයක් දැනුම් දෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ අද (26) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =