UPDATE ආපදා තත්ත්වය ගැන සාකච්ඡාවකට හදිසි පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – වර්ෂාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය සළකා බලා අද දින පාර්ලිමේන්තුව සවස 2.00 දක්වා පමණක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (26) සභාව වෙත දන්වා සිටියේ ය.

හදිසි පක්ෂනායක රැස්වීමක් සඳහා තාවකාලිකව නවතා තැබූ සභාව ප.ව 12.00 පමණ යළි ආරම්භ විය. එසේ ආරම්භ වීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා විසින් මෙම දැනුම් දීම සිදු කළේ ය.

අධික වර්ෂාපතනය හේතුවේ ප්‍රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සාකච්ඡාවක් සිදු කිරීමට හදිසි පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට තීරණය කෙරිණි.

 

 

 

ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අධික වර්ෂාපතනය හේතුවේ ප්‍රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වයට අවශ්‍ය පියවර ගන්නැයි ත්‍රිවිධ හමුදාව හා අනෙකුත් සියලු අංශවලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් රටේ ප්‍රදේශ කීපයක ඇතිව තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව රජයේ අවධානය යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව අමාත්‍යවරයා පැවසීය.

වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කීපයක ඇතිව තිබෙන ජල ගැලීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරු රැසක් සභාවේ කරුණු දැක්වීම සිදු කළ අතර අවශ්‍ය සහන සේවා කඩිනම් කරන්නැයි ඉල්ලා සිටියේ ය.

ඒ අනුව රජය මේ වනවිටත් අවශ්‍ය පියවර ගැනීමට පියවර ගෙන තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්නැයි උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පක්ෂභේදයෙන් තොරව මේ සම්බන්ධයෙන් කටයුතු කරමු යැයි සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *