ඇළ මාර්ග පාදන්න ඇමති පාඨලී උපදෙස් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – අධික වර්ෂාව නිසා කැළණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, කොළඹ නගරයට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කඩුවෙල, වත්තල, කැලණිය යන ප‍්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් උත්ගතවී ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එම නිසා මෙම ප‍්‍රදේශවල ස්වභාවික ඇළ මාර්ග හා ජලමාර්ග අවහිර වන සේ ගොඩනඟා ඇති ඉදිකිරීම් අදාළ නගර සභා, ප‍්‍රාදේශීය සභා දැනුවත් කිරීමෙන් පසු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත හා අදාළ අනෙකුත් ආයතන වෙත අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ජන ජීවිතය ආරක්ෂා කිරීමට ඉහත පියවරයන් ගැනීමේදී ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන මෙන් මහජන නියෝජතයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා දන්වා සිටින බව අමාත්‍යංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *