බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන 31වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

රතුපස්වල පානීය ජල සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගැනිමෙන් පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතාව ඊයේ පස්වරුවේදි ගම්පහා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමේ නියෝගය නිකුත් කෙරුණි.

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2013 අගෝස්තු 01වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *