මාතෘ භූමියට වින කරනා බොරු ප‍්‍රචාර වලට නොරැවටෙන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය ඇතමුන් මාතෘ භූමියට එරෙහිව අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.

සත්‍යයට වඩා වේගයෙන් අසත්‍ය පැතිර යන බැවින් එම බොරු ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ලොව පුරා සිටින ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

ඕස්ටේ‍්‍රලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, කැන්බරා නුවරදී එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සමග පැවති හමුවකදී මෙම අදහස් පළ කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම අවස්ථාව සදහා වෘත්තිකයින්, ව්‍යාපාරික ප‍්‍රජාව, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විවිධ කේෂ්ත‍්‍රවල ශ‍්‍රී ලාංකිකයින් රැසක් එක්ව සිටි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *