ආධාර බෙදා දීමට ගිය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ ගුවන් හමුදාවට අයත් එම්ග අයිග 17 හෙළිකොප්ටර් යානයක් ගාල්ලල බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ සහනාධාර ලබාදීමේ කටයුතුවල නිරතව සිටි මෙම ගුවන් යානයේ කාර්මික දෝෂය ඇතිවන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ ගුවන් භටයන් 10 දෙනෙකු සිට ඇති බවය.

කෙසේ වෙතත් ජලය පිරි ස්ථානයට ගොඩබැස්සවීමෙන් පසු ඔවුන් බෝට්ටු මගින් මුදාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − five =