(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ඩොලර් මිලියන 2.2ක කඩිනම් ගංවතුර ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන බව චීනය නිවේදනය කර ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින් හා අග්‍රාමාත්‍ය ලී කවෑංග් යන මහත්වරුන් ගංවතුර විපතට පත් ජනතාවට සිය සංවේගය පළකර ඇතිතේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යවරයාට එවූ ශෝක පණිවුඩ මගිනි.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශෝක පණිඩුවයක් එවමින් සිය ශෝකය පළකර තිඛේ. ශ්‍රී ලාංකීය ජනතාව පීඩවට පත්ව ඇති ආපදා තත්වය චීන ජනතාවට ද එලෙසම දැනෙන බව චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇතග
ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කර ඇති අතර කඩිනම් මානුෂීය ආපදා සහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 22ක ආධාර පිරිනමන බව චීන රජය ඊයේ නිවේදන කළේය.
අදාළ බ්ලැක්නට්ල කූඩාරම්ල ආරක්ෂක කබා ඇතුලත් ආධාර තොගය විශේෂ ගුවන් යානයකින් කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට නියමිතය.
මේ අතරල චීන රතුකුරුස සමාජය අමෙරිකානු ඩොලර් ලක්ෂයක මූල්‍ය ආධාර මෙරට රතුකුරුස සමාජය පිරිනමා ඇත.ග චීන අග්‍රාමාත්‍ය ලී කවෑංග් මහතා ද ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩ එවමින් සිය සංවේගය පළ කර තිබුණි.
යුනිසෙෆ් සංවිධානය ජල පිරිපහදු කරන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ තොගයක් ලබාදීමට නියමිතයග ලෝක සෞඛ්‍ය සංවිධානය ද සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබාදීමට නියමිතව ඇත්තේල ගංවතුරින් විපතට පත් දිස්ත්‍රික්කවල වෛද්‍ය කණ්ඩායම් යෙදවීම සදහාය.
මේ අතර ඉන්දියානු ආධාර රැගත් තෙවැනි නෞකාව ද අද දිනයේ දී කොළඹ වරායට ළගාවීමට නියමිතය.