සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීමේ දින දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා දින දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

මේ මස 31 වනදායින් අදාළ අයදුම්පත් බාර ගැනීම අවසන් වීමට නියමිතව තිබූ අතර එය ජුනි මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින පවුල්වල සාමාජිකයන්ගේ හානියට පත් සියලු විභාග සහතිකපත් නොමිලේ නැවත ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *