සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නැතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා පවසයි.

අතුල කරුණාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (29) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම කුණාටුව බෙංගාල බොක්ක දෙසට ගමන් කරමින් පවතින බවද ඒ මහතා පවසයි.

මීට අමතරව 2017 මැයි මස 29 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලද කාලගුන අනාවැකියේ මෙසේ සඳහන් වෙයි.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (MORA) තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින අතර හෙට දිනයේදී බංග්ලාදේශ වෙරළ හරහා ගොඩබිමට ඇතුල්වේ යැයි බලාපොරොත්තුවේ.එහි බලපෑම හේතුවෙන් දිවයිනේ අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන් අපේක්ෂා කල හැක.

දිවයිනේ(විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා ඉතා තද සුළං ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සමහර ස්ථාන වල (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල) මි.මි. 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක.

උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්යේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *