අමාත්‍යාශ සහ මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ අමාත්‍යාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

අද(30) පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

කැබිනට් රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විනි.

කැබිනට් රැස්වීමේ දී දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − five =