ආපදා හේතුවෙන් දෙමාපියන් අහිමි දරුවන් පිළිබඳ දැනුම් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් දෙමාපියන් හෝ බාරකරුවන් හෝ අහිමි වූ දරුවන් සිටිනම් ඔවුන් පිළිබඳව දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

1929 අංකයට ඇමතීමෙන් ඒ පිළිබඳ දැනුම් දිය හැකිය.

ඊට අමතරව, ළඟම ඇති පොලිස් මුරපොලට හෝ පොලිස් ස්ථානයට, ග්‍රාම සේවා නිලධාරියාට, පරිවාස නිලධාරියාට හෝ අවතැන් කඳවුරු බාර නිලධාරීන්ට ද දැනුම් දිය හැකි බව එම අධිකාරිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *