ඉන්දීය ආධාර රැගත් තුන්වන නෞකාවත් කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) – විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස ඉන්දීය ආධාර රැගත් තුන්වන නෞකාව කොළඹ වරායට විය.

වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් මෙම නෞකාව කොළඹ වරායට ළගා වූයේ අද (30) පෙරවරුවේය.

ඉන්දීය නෞකාවෙන් රැගෙන ආ ආධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගනු ලැබුවේ ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාය.

අනතුරුව එම ආධාර තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත භාර දෙනු ලැබීය.

ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍ය, කුඩා බෝට්ටු, පානීය ජල බෝතල්, වැහි කබා, කූඩාරම් ඇතුළු ටොන් දහයක පමණ ආධාර ඊට අයත් ය. නෞකාවෙන් පැමිණි ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු සහන කණ්ඩායම් ආපදාවට පත් ප්‍රදේශ කරා පිටත් කර යැවීමටද එම අවස්ථාවේම පියවර ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 16 =