ඉන්දුනීසියාවේ භූ කම්පනයක් – සුනාමි අවධානමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ රික්ටර් ඒකක 6.8 ප්‍රබලත්වයෙන් යුක්ත භූමිකම්පාවක් සිදුව ඇත.

ඊයේ(29) සවස් කාලයේ දී මෙම කම්පනය සිදුව ඇත්තේ ඉන්දුනීසියාවේ මධ්‍යම සුලවේසි ප‍්‍රාන්තය අසන්නයේ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. අඩු ජනගහනයකින් යුක්ත ප්‍රදේශයක මෙම භූමිකම්පනය සිදුව ඇති බැවින් හානිය අවම වී ඇත.

ඒ අනුව පුද්ගලයින් තිදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් ගොඩනැගිලි හා නිවාස කිහිපයකට ද හානි සිදුව තිබේ.

එසේම මෙම භූමිකම්පනයෙන් අනතුරුව පසුකම්පන 14ක් පමණ වාර්තා වී ඇති අතර එවායේ විශාලත්වය පුබල නොවන බව ඉන්දුනීසියාවේ කාලගුණ හා භූ විද්‍යා නියෝජිතායතනය සදහන් කර ඇත.

මෙම තත්ත්ව මත සුනාමි අවදානමක් ඇති නෙවාන බවද එම ආයතනය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 3 =