(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන තිබෙන පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහනයක් ලබා දීමට රජය තීරණය කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයේ ඊයේ (29) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
ජල ගැලීම් හේතුවෙන් ආර්ථික කටයුතුවලට සිදුවූ හානිය හා පසුබෑම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් විස්තරාත්මක වාර්තාවක් කැඳවීමට ද එහිදී තීරණය වී තිබේ.
මීට අමතරව ජල ගැලීම් හේතුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් හරහා වාර්තා ලබා ගන්නා ලෙස පුද්ගලික හා රාජ්‍ය බැංකු ද දැනුවත් කර ඇත. විපතට පත් තැනැත්තන් සඳහා ගෙවිය යුතු රක්ෂණ වන්දි කඩිනම් කිරීම මෙහිදී ගත් තවත් තීරණයකි.
ඒ සඳහා වූ උපදෙස් අග්‍රාමාත්‍යවරයා විසින් සියලුම රක්ෂණ සමාගම් සහ රාජ්‍ය රක්ෂණ මණ්ඩලය වෙත ලබා දි තිබේ