සුපිරි යතුරු පැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී දරුණු අනතුරකට මුහුණදුන් ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (29) මිය ගොස් ඇත. මිය යන විට ඔහු 47වන වියේ පසු විය.

ඉකුත් අප්‍රේල් 24 වන දින පැවති නුවරඑළියේ පැවති සුපර් මෝටාර්ඩ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය.

ඔහු ලංකාවේ හොඳම යතුරුපැදි ධාවකයා ලෙස අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍රවූවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *