කාලගුණය නිසා මාළු ගණන් උස්සයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ මාළු වෙළඳාමට ඉහළ ඉල්ලුමක් තිබුණද මසුන් ඇල්ලීමේදී ඇති වන බාධා හේතුවෙන් මාළු ඉල්ලුමට සැපයීමේ නොහැකියාවක් ඇතිව තිබෙන බවට උතුරේ ධීවර සංගම් පවසයි.

මේ දිනවල උතුරු මුහුදේ පවතින දැඩි සුළං තත්ත්වයන් හේතුවෙන් දෛනිකව අල්ලන මසුන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ඇති හෙයින් මාළු මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවට උතුරේ ධීවර සංගම් විසින් පෙන්වා දෙයි.

මේ අතර දකුණේ ඇතිව තිබෙන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මාළු අලෙවි මධ්‍යස්ථානද විනාශ වී ඇති අතරම මසුන් සැපයුම්ද බොහෝ සෙයින් නැවතී ඇත.

ඒ හෙයින් දකුණේ සිට උතුරු පළාතෙන් වෙනදාට වැඩිය මසුන් ඉල්ලුමක් පවතින අතරම එම ඉල්ලුමට මාසුන් සැපයීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවට උතුරු පළාත් මාළු වෙළෙන්දෝ කියා සිටිති.

මෙම තත්ත්වයන් හේතුවෙන් ඇතැම් මසුන් (තලපත්, කෙළවල්ලෝ, තෝර) ඇතැම් ස්ථානයන්හි රුපියල් දහසකට වැඩියෙන් අලෙවි වන අතර එම මසුන් වර්ග හිඟයක්ද පවතින හෙයින් මාළු මිල ගණණ් ඉහළ යාමට හේතු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *