බැග්ඩෑඩ් ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් 27ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී එල්ල වූ ද්විත්ව කාර් බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

පළමු බෝම්බය අයිස්ක්‍රීම් වෙළදසැළකදීත්, දෙවන බෝම්බය අල් ශහාඩා පාලම අසලදීත් පුපුරවා හැරි බව සදහන් වේ.

අයි එස් ත්‍රස්තයින් විසින් එල්ල කළ පළමු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ වැඩි දෙනෙක් කුඩා ළමුන් බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

ශියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයන් මගින් අයි එස් ත්‍රස්තයින්ගේ පරාජිත මානසිකත්වය පෙන්නුම් කරන බව යුද විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 3 =