(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කළ මෝරා සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයේ ජන ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.
එහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එරට මුහුදුබඩ කලාපවල ජීවත් වන ජනතාවට බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
එම ප්‍රදේශ හරහා පැයට කිලෝමීටර් 117කට අධික වේගයෙන් සුළං හමා යන බව වාර්තා වේ.
අර්ධ වශයෙන් හා මුළුමණින්ම විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව සියයකට අධික වන අතර විසිදහසකට වැඩි පිරිසකට වාසස්ථාන අහිමි වී තිබේ.
ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 06කි.
එසේම දහස් ගණන් පිරිස මේවන විට අවතැන් කඳවුරු වෙත මාරු කර තිබේ.