සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදිය.

එහි ප්‍රධානියා ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා පත් කර තිබේ.

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සෞඛ්‍ය සේවා ඔෂධ හා අනෙකුත් සේවා සැපයීමට මෙමගින් ක්‍රියා කරනු ලැබේ. හානියට පත් දිස්ත්‍රික්ක 08ක සම්බන්ධීකරණය සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරු පත් කර ඇත.

ආපදා තත්වය අවසන්ව යථා තත්වයට පත්වනතුරු, සම්බන්ධීකරණය මෙම නිළධාරීන්ට පැවරී ඇති වගකීම වේ.

වෛද්‍ය, පරිපාලන හා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ එකමුත්ව, රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා, අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම අධීක්ෂණය කොට අඛණ්ඩව පවත්වාගෙන යාම, මෙහි තවත් වගකීමකි.

යුනිසෙෆ් සංවිධානයද ක්ලෝරීන් පෙති ලක්ෂ 10 ලබාදීමට නියමිතය. මී උණ රෝගය පැතිරීම වැළැක්වීමට, අවශ්‍ය ඖෂධ දිස්ත්‍රික්කයට දසදහස බැගින් ලබා දී තිබේ. ජලය පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් පෙති එක් දිස්ත්‍රික්කයකට පන්දහස බැගින් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *