ශ්‍රී ලංකාවට එල්ල වූ ආපදා බලපෑම ගැන එක්සත් ජාතීන්ගේ අවදානය

(කොළඹ, ලංකාපුවත්) – මෝරා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එල්ල වූ බලපෑම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතාගේ දැඩි අවදානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර ඇත.

මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් දුජාරික් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ රජයන් ගෙනයන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය පළ කරන බව ද මහලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්වේ.

මේ අතර ආපදා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම් පිළිබඳ සොයාබැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ආයතනය විසින් කණ්ඩායම් තුනක් යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *