ආපදා සහන කටයුතුවලට කැපවූ නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා නාය යෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැපවූ සියලු නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ස්තූතිය පළ කර සිටියි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(01)පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි. ඒ සදහා ආපදා සහන සේවා නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

ආපදාවට මුහුණදුන් ජනතාවට දිරියක් වෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳ ජනාධිපතිතුමා සහන සේවා කණ්ඩායම් වෙත ස්තූතිය එහිදී පළ කරනු ලැබීය.

විපතට පත් ජනතාවට සහන ලබාදීමට කාර්යක්‍ෂමව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට සහ රාජ්‍ය නොවන ආයතන ඇතුලු සියලු දෙනා වෙතද ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය. ඉදිරියටත් එම සහාය ඔවුන්ගෙන් අපේක්‍ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

මෙරට ජනතාව විපතට පත්වූ අවස්ථාවේ ඔවුන්ට සවියක් වීමට විදෙස් රටවල් ලබාදුන් සහායට ද ජනාධිපතිතුමා කෘතවේදීත්වය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − thirteen =