නාසා ආයතනය සූර්ය ගවේෂණ මෙහෙයුමක් අරඔයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපද අභ්‍යාවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය සූර්ය ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ජීවතුන් අතර සිටින විද්‍යාඥයෙකුගේ නමින් සිය සූර්ය ගවේෂණ මෙහෙයුම නම් කිරීමට නාසා ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව, ”සෝලා ප්‍රෝබ් ප්ලස්” යන නමින් හැදින්වෙන මෙහෙයුමට සූර්ය සුළං සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ විද්‍යාඥයකු වන යූජින් පාකර්ගේ නම යෙදීමට නියමිතය.

එම අභ්‍යවකාශ මෙහෙයුම ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සදහා යොදාගන්නා අභ්‍යවකාශ යානයට සෙල්සියස් අංශක 2,500ක පමණ උෂ්ණත්වයක් දරා ගනිමින් මෙහෙයුමේ නිරත වීමට සිදු වන බව නාසා ආයතනය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *