පර්පචුවල් ට්‍රෙෂරීස් ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගම සහ ඊට අනුබද්ද සමාගම් දෙකක ගණුදෙනු සීමා කරමින් ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය මණ්ඩලය මගින් පනවා ඇති තහනම අභියෝගයට ලක් කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අභියාචනාධිකරණයේ ගොනුකර තිබු රීඩ් පෙත්සම ගාස්තු සහිතව නිෂ්ප්‍රභා කර තිබේ.

පැමිණිලිකාර පාර්ශවය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමේ දී සිදුකර ඇති තාක්ෂණික දෝෂ කිහිපයක් නීතිපති විසින් පෙන්වා දුන් අතර ඒ අනූව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණී වල්ගම මහත්මිය සහ එස්.තුරෙයිරාජා මහතා මෙම තීන්දුව ලබාදෙන ලදි.

පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගම, පෞද්ගලික සමාගමක් වශයෙන් පෙත්සමෙන් ඉදිරිපත්කර තිබුණ ද ඔවුන් ව්‍යාපාරික අවශ්‍යතාව මත මේ වන විට පොදු සමාගමක් ලෙස වෙනස්කර තිබේ. මෙම කරුණු නීතිපති විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඊට විරෝධය දක්වමින් පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිගේ එම ඉල්ලීමට පැමිණිලි පාර්ශවය පෙන්වා දුන්නේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කැමති බවය. නීතිපති ඊට ද දැක්වූ විරෝධය පිළිගනිමින් විනිසුරුවිසින් එම පැමිණිලි දෙක නිෂ්ප්‍රභා කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුව, නීතිපති ඇතුළු කිහිපදෙනෙකු මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − two =