(කොළඹ, ලංකාපුවත්) –රාමලාන් උත්සව සමයට සෞදි අරාබියානු රජයෙන් පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට රටඉඳි මෙට්‍රික් ටොන් 150ක ප්‍රමාණයක් ලැබී තිබේ.
එය ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවේයැයි තක්සේරු කර ඇත.
ඒ අනුව පරිත්‍යාග වශයෙන් ලැබී ඇති රටඉඳි ප්‍රමාණයට අතිරේකව තවත් මෙට්‍රික් ටොන් 150 ක් සතොස ආයතනය විසින් මිල දී ගෙන තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බෙදා දීමට අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.