ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ප්‍රයෝජනය සදහා ජපානයෙන් ආධාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ප්‍රයෝජනය සදහා ජපන් රජය ආධාර තොගයක් ලබා දී තිබේ. එය නිල වශයෙන් භාරදීම ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දී ඊයේ(31) සිදුවිය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා මෙම ආධාර තොගය අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාට හා රවී කරුණානායක මහතා වෙත භාරදෙනු ලැබීය.

කූඩාරම්, විදුලි උත්පාදක යන්ත්‍ර, වතුර ටැංකි ඇතුලු භාණ්ඩ ඊට ඇතුලත් වේ.

එහිදී අදහස් දක්වමින් ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා කියා සිටියේ,
“ ලංකාවේ ආපදා මෙහෙයුම්වලට සහාය වෙන්න ජපානය සූදානම්. ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් අපි සූදානම් කරලයි තියෙන්නේ. හෙට එන ඒ පිරිසට ආපදා කළමනාකරණය ගැන ඉගෙන ගන්න ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙකුත් ඇතුලත්. ඔහුට මේ කාර්යයේ දී විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්කම තියෙනවා. “ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *