ජනාධිපතිගෙන් ආණ්ඩු පක්ෂයට කැඳවීමක්

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(01) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී දහවල් 12.00ට මෙම රැස්වීම පැවැත්වේ.

අධික වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ රටේ උද්ගතව ඇති ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇත.

එසේම ආණ්ඩු පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *