අනුර සේනානායකට වසරකට පසු ඇප

(කොළඹ, ලංකාපුවත්) – හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාව අද(02) ඇප මත මුදා හැරින ලදි.

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීම මනුෂ්‍ය ඝාතනයට කුමන්ත්‍රණ කිරීම ආදී චෝදනා යටතේ අනුර සේනානායක මහතාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද අනුර සේනානායකට අධිකරණය දැනුම් දුන්නේය. මීට අමතරව හිටපු අනුර සේනානායකට විදේශ ගමන් ද තහනම් කර ඇත.

එසේම සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද ඔහුට අවවාද කෙරුණි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාව අත්අඩංගුවට ගැණුනේ ඉකුත් වසරේ මැයි මස 23 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 12 =