(කොළඹ, ලංකාපුවත්) – පසුගියාද දිවයිනට බලපෑ ගංවතුරෙන් සහ නායයෑමෙන් 206 දෙනෙක් ජිවිතක්ෂයට පත්වී තවත් 92 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය සදහන් කරයි.
ගං වතුර, නායයාම් ඇතුළු ආපදාවන්ට ලක්වීම හේතුවෙන් පවුල් 18,000කට පමණ අයත් පුද්ගලයින් 69,000ක් පමණ ආරක්ෂිත ස්ථානවල තවදුරටත් රැඳී සිටියි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ රත්නපුර දිස්ත්‍රීක්කයේ වැඩිම ආරක්ෂිත ස්ථාන සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර එය 203ක් වන බවය.
රත්නපුර, මාතර, කළුතර ඇතුළු දිස්ත්‍රීක්ක 15කට අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම් එල්ලවිය.
ඒ හේතුවෙන් නිවාස 11,000ක් පමණ පූර්ණ හෝ අර්ධ හානිවලට ලක්ව තිබේ.