පිලිපීනයේ වෙඩි තැබීමකින් 36ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – පිලිපීනයේ මැනිලා අගනුවර හෝටලයක සහ කැසිනෝ සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ගණන 36දක්වා ඉහළ ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

කැසිනෝ ශාලාවක වෙඩි තැබීම සිදුව ඇති අතර වැඩි පිරිසක් මියගොස් ඇත්තේ එහි දේපලවලට ගිනි තැබීම හේතුවෙන් පිට වූ ඝණ දුමාරය ආග්ග්‍රහනය කිරිමෙන් බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ තුවක්කුකරු රයිෆල් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවය. පසුව තුවක්කුකරු ද ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.

සිද්ධිය වන අවස්ථාවේ ශාලාව තුළ විශාල පිරිසක් රැදී සිටි බවයි වාර්තා වේ. එසේම මෙම ස්ථානය විදේශීය සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන ස්ථානයක්ද වේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස පිළිගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පොලීසිය සදහන් කර තිබේ. මෙම සිද්ධිය කොල්ල කෑමට දැරූ උත්සාහයක් බවට නිලධාරීන් විශාව්ස කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − two =