මැතිව්ස්ව යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාව සමග හෙට(03) පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගය සදහා සහභාගි විය හැකි ද යන්න තීරණය කිරීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අද (02) යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කෙරෙන බව ලන්ඩන් වාර්තා සදහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට මැතිව්ස් තරගයට සහභාගි වීම සදහා සියයට 70 ක පමණ යෝග්‍යතාවකින් පසුවන බවය.

කෙසේ නමුත්, ඔහු තරගයට සහභාගි කරවන්නේ ද යන්න අද පැවැත්වෙන පරීක්ෂණයෙන් පසු තීරණය කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 16 =