මෝටර් රථ – යතුරුපැදි තරඟවලට දැඩි නීති

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයකු වන මිල්ටන් අමරසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී මිය ගිය යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මහතාගේ මරණය පිළිබඳව අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ සමගම අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන සියලු මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟ සඳහා වන නව නීති නියාමනය සඳහාද ක්‍රීඩා අමාත්‍යංශය සූදානම් වේ.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් නොසලකා සංවිධානය කෙරෙන තරඟවලින් ඔවුන්ගේ ජීවිත අනතුරක හෙළන බවත් තරඟ සංවිධායකයින්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් ක්‍රීඩා විචාරකයෝ පවසති.

මීට මසකට ඉහතදී නුවරඑළියේදී පැවැත්වුණ යතුරුපැදි ධාවන තරඟයකදී අනතුරට ලක් වූ යතුරුපැදි ධාවන ශූරී ආනන්ද වෙඩිසිංහ අනතුරින් කෝමා තත්ත්වයේ පසුවී ඉකුත් 29වනදා ජීවිතක්‍ෂයට පත් විය. ඔහුගේ අවසන් කටයුතු කුරණෑගල නගර සභා පොදු සුසාන භූමියේ දී ඊයේ(01) සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *