විනාශ වු නිවාසක් සඳහා රජයෙන් ලක්ෂ 25 ක උපරිම වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මත විනාශයට පත් නිවාස සඳහා මේ වන විට රජය විසින් රුපියල් ලක්ෂ 25 ක උපරිමයකට යටත්ව වන්දියක් ලබා දීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(02) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

ජලය බැස ගිය ස්ථානවල මේ වන විටත් අදාළ නිලධාරින් තක්සේරු කිරීම් ආරම්භ කර ඇත. ව්‍යාපාරික ස්ථාන සඳහා සිදුව ඇති හානිය සඳහා බැංකු මාර්ගයෙන් පහසුකම් සැළසීමට කටයුතු යොදන බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට රජය ආපදා තත්ත්වය වෙනුවෙන් විශේෂ අරමුදල් ලෙස රුපියල් මිලියන 126 ක මුදලක් වියදම් කර ඇති අවස්ථාවක වුවද ඇතැම් දේශපාලඥයින් ආපදා තත්ත්වය පවා තම වාසියට යොදා ගනිමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − five =