ශරුක් මිය ගිය බවට පුවතක්

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බවට වාර්තා වූ අසත්‍ය පුවත සම්බන්ධයෙන් ප්‍රංශයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

පැරිස් ගුවන් අනතුරකින් සුපිරි නළු ශාරුක් මිය ගොස් ඇති බවට පසුගියදා වාර්තා වූ ප්‍රවෘත්තියක් හේතුවෙන් ඔහුගේ ප්‍රේක්‍ෂකයින් දැඩි ලෙස කළබලයට පත්විය. මෙම පුවත ඇතැම් ඉන්දීය මාධ්‍යය ද වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් පසුව අනාවරණය වූයේ මෙය අසත්‍යය ප්‍රවෘත්තියක් බවටය.

අදාළ අසත්‍ය්‍ය ප්‍රවෘත්තිය වාර්තා කළ පාර්ශවය විසින් අදාළ අනතුරට ලක්නූ බව පැවසූ ගුවන් යානයේ සේවා සපයන සමාගම සමග එහි තොරතුරු රැසක් වාර්තා කිරීම හේතුවෙන් මෙම ප්‍රවෘත්තිය ඉක්මණින් බොහෝ පිරිසක් විශ්වාස කර තිබේ. අදාළ පුවත පළමුවෙන්ම ප්‍රංශ වෙබ් අඩවියක් මෙය වාර්තා කර ඇති අතර පසුව එය ඉන්දීය මාධ්‍යය ද වාර්තා කර ඇත.

ප්‍රංශ ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ එවැනි කිසිදු අනතුරක් සිදු නොවූ බවත් මෙම අසත්‍ය ප්‍රචාරය දැඩි ලෙස හෙළා දකින බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *