අමෙරිකන් රජයෙන් රුපියල් මිලියන 350 ක මූල්‍ය පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණයත් සමග සිදු වූ ගංවතුරෙන් සහ නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අමෙරිකන් රජයේ සහය ලබාදෙමින් රුපියල් මිලියන 350 ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

තවද මෙරට තරුණ තරුණියන්ගේ ශිල්පීය ඥානය වැඩිදියුණු කිරීම උදෙසා ඩොලර් මිලියන 12 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ඇමරිකන් රජය කැමැත්ත පළ කර තිබෙන අතර වසර 04 ක කාල පරාසයකට අනුව එම පරිත්‍යාගය සිදු කිරීමට නියමිත බව අමෙරිකන් තානාපතිවරයා මෙහිදී පැවසීය.

ආපදාවට ලක් වූ කළුතර දිස්ති‍්‍රක්කයේ පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක මේ වන විට අමෙරිකන් නියෝජිත පිරිසක් නිරතව සිටින අතර, එම කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව ද අමෙරිකන් තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =