ඉන්දියාව, පාකිස්තානය පරදවයි

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(04) පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පාකිස්තාන කණ්ඩායම පරදවා ජය ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48කදී කඩුලු 3ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට යළි වර්ෂාවෙන් බාධා එල්ල වු අතර ඒ අනුව පන්දුවාර 41ක් තුළ ලකුණු 269ක ඉලක්කයක් ඔවුන්ට හිමිව තිබුණි.

කෙසේ වෙතත් පන්දුවාර 33යි පන්දු 4කදී සියලු දෙනා දැවී පාකිස්තාන කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 164ක් පමණි.

ඒ අනුව ලකුණු 124කින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. තරගය පැවැත්වුනේ එජ්බැස්ටන් හිදීය.

පාකිස්තානය හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය අනිද්දා (07) බර්මින්හැම් හි දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =